ඉරානය සමඟ ගනුදෙනු එපා



ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය නිකී හේලි, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවෙමින් කියා සිටියේ, ඉරානය සමඟ පවත්වන ඇයිහොඳයිකම් සම්බන්ධයෙන් දෙවරක් සිතා බලන ලෙසය.

ඇමෙරිකා ට්‍රම්ප් පාලනය සහ ඉරානය අතර එදිරිවාදිකම් පවතී. ඉරානය ලෝක බලවතුන් සමඟ 2015 වසරේ දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ද ට්‍රම්ප් පියවර ගෙන ඇත. ඒ අනුව, ඇමෙරිකාව යළිත් ඉරානයට සම්බාධක පැනැවීමක් ද කළේය.

ඇමෙරිකාවේ සමීපතම මිතුරකු වන්නේ ඉන්දියාවය. ඉන්දියාව දිගටම, ඉරානය සමඟ තෙල් මිලදී ගැනීම් සිදු කරයි. මෙය ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇත.

ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණි නිකී හේලි සහ ඉන්දීය අගමැති මෝදි අතරේ හමුව පැවැත්වුණු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS