ඉරානය වන්දි ගෙවිය යුතුයි



ඉරානයේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට එල්ල කරන ලද ප්‍රහාරවලට ඉරාන රජය වන්දි ගෙවිය යුතු බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

සෞදි සහ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලවලට එල්ල කරන ලද ප්‍රහාරවලට ඉරානය වන්දි ගෙවිය යුතු බවට ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති කමිටු සාමාජික හෙෂ්මතුල්ලා ෆලහට්පිෂේ ප්‍රකාශ කරනවා.

ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හෙෂ්මතුල්ලා ෆලහට්පිෂේ තම රට විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

2011 නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට පහර දුන් අතර, 2016 ජනවාරි මාසයේදී සෞදි තානාපති කාර්යාලයට ගිනි තැබීමට පෙළපාලිකරුවන් කටයුතු කර ඇත.

එක්සත් රාජධානියට ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක වන්දියක් ගෙවන ලෙස ෆලහාට්පිෂේ ඉරාන රජයයෙන් ඉල්ලා ඇති අතර, සෞදි අරාබියට ගෙවිය යුතු මුදල සම්බන්ධයෙන් සඳහනක් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)  

RECOMMEND POSTS