ඉරානය දේශසීමා වසා දැමේ



ඉරානයේ ‘කෝවිඞ්19’ වයිරසය වේගයෙන් පැතිරීමට පටන් ගැනීමත්, වයිරසය ආසාදනය වීමෙන් ඉරානයේ 50 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවටත් රාවයක් පැතිරීමත් සමඟ ඉරානයේ අසල්වැසි රටවල් ඔවුන්ගේ දේශසීමා වසා දැමීමට පියවර ගත්තේය.

ඉරානය සමඟ ඇති දේශසීමා වසා දැමීමට පියවර ගෙන ඇත්තේ ඉරාකය, තුර්කිය, පාකිස්තානය සහ ආමේනියාවය. ඉරානය සමඟ ගුවන් ගමන් සියල්ල තාවකාලිකව නැවැත්වීමට තුර්කිය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ඉරානයේ වයිරසය පැතිරී 50 දෙනකු මියගොස් ඇතැයි පවසා ඇත්තේ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. කෙසේ නමුත් ඉරාන රජය මෙම ප්‍රකාශය තරයේ හෙලා දැක ඇත. ඉරාන රජයේ නිල වාර්තා අනුව වයිරසයට බිලිවුණු ගණන 12 කි. වයිරස ආසාදිතයන් ගණන 43 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS