ඉරානය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා - ඊශ්‍රායලයෙන් චෝදනා



 

 

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි ඉරානයට එරෙහිව ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යවා ඇත.
ඊශ්‍රායලය එල්ල කරන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ගෝලාම් හොසේනී දකානී පවසා ඇත.
එම ලිපිය හරහා ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන ලෙසය. ඉරානය එක්සත් ජාතීන්ගේ යෝජනාවලට පිටුපා ක්‍රියා කරනවා යැයි ද ඊශ්‍රායලය චෝදනා කර ඇති බව ප්‍රෙස් ටීවී පුවත් සේවය පවසයි.

RECOMMEND POSTS