ඉරානය එක්ක පැටලෙන්න සැරැසෙයි



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ඇමෙරිකන් තාතාපති කාර්යායාලයට පසුගිය 31 වැනිදා එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ඉරානය යැයි චෝදනා නගමින්, ඉරානයට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැරැසෙයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා ඊයේ (1) ඉරානයට අනතුරු ඇඟවීමක් කළේ නව අවුරුදු උදාවත් සමඟය. ඉරානයට අනතුරු ඇඟවීමෙන් පසු, ඉරාකයට තවත් ඇමෙරිකන් සොල්දාදුවන් 750 ක අතිරේක බළ ඇණියක් යැවීමට ද පියවර ගැණින. එයින් සොල්දාදුවන් 100 ක් තානාපති කාර්යාලයේ ආරක්ෂාව සඳහා යෙදවෙනු ඇතැයි ද පැවැසෙයි.

ඉරාක රජයට එරෙහිව ඉරාක වැසියෝ විරෝධතා පවත්වති. ඒ, විරැකියාව ඉහළ යෑම, ධරිද්‍රතාව, යටිතල පහසුකම් නොමැතිකම ආදී අර්බුද රැසක් මුල්කොට ගනිමිනි. ඉරාක විරෝධතාකරුවන්ට ‘හෂ්ද් අල් ෂාබී’ නමැති සන්නද්ධ කල්ලියෙත්, ‘කටායිබ් හිස්බුල්ලා’ සටන්කාමීන්ගෙන් සහාය සහ අනුග්‍රහාය හිමිවෙයි. මීට දින කීපයකට පෙර ‘කටායිබ් හිස්බුල්ලා’ සටන්කාමීන් ඉරාකයේ ඇමෙරිකන් කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල කළේය. එයින් ඇමෙරිකන් ජාතිකයෙක් මියගියේය.

ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකන් හමුදා ඉකුත් 30 වැනිදා, ඉරාකයේ ‘කටායිබ් හිස්බුල්ලා’ සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එල්ල කළේය. එයින් සටන්කාමීන් 90 දෙනකු පමණ මියගියේ යැයි පැවැසිණි.

ඇමෙරිකාවේ එම ප්‍රහාරයෙන් පසු කෝපයට පත් ඉරාක විරෝධතාකරුවෝ පෙරේදා (31) බැග්ඩෑඞ් ඇමෙරිකන් තානාපති කාර්යාලයට පහර දී ගිනි තබන්න වූහ. ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කෙරුණි.

තානාපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි ඇමෙරිකන් සොල්දාදුවන් වහා ක්‍රියාත්මක වී ඇමෙරිකාවේ ඉරාක තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ආරක්ෂාව සැලැසීය. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ද ඇමෙරිකන් සොල්දාදුවෝ පියවර ගත්හ. මේ වනවිට තානාපති කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ඇමෙරිකාව පවසා තිබේ.

‘ඇමෙරිකන් තානාපති කාර්යාලයට පහර දුන්නේ ඉරානයයි. ඉරානයට ඒ වෙනුවෙන් වන්දි ගෙවීවමක් කරන්න වේවි’ යැයි ජනපති ට්‍රම්ප්, තානාපති කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරයෙන් පසු ට්විටර් පණිවුඩවකින් මගින් පවසා තිබුණි.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS