ඉරානය ඇමෙරිකන් ඩ්‍රෝන යානයක් බිම දමයි



තම ගුවන් සීමාව උල්ලංඝනය කළ නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමූ බව ඉරාන විප්ලවීය හමුදාව පවසයි.
ඉරාන විප්ලවීය හමුදාව පහර දී බිම හෙලා ඇත්තේ ‘ආර් කියු 4’ ග්ලෝබල් හෝක් වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයකි.

ඉරාන හමුදාවට මෙම යානය දකින්න ලැබී ඇත්තේ දකුණුදිග හොර්මොස්ගාන් පළාතට ඉහළින් යැයි ද පැවැසෙයි.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිවක් පවසා නැත. ඇමෙරිකාවත් ඉරානයත් අතර මේ වනවිට අර්බුදයක් පවතී.

ඇමෙරිකාව ඉරානයෙන් තර්ජනයක් එල්ල වුවහොත් ඊට මුහුණදීමට, අමතර සොල්දාදුවන් 1,000 ක් මැදපෙරදිග කලාපයට යවා ඇත.

මේ අතර, ඕමාන් බොක්කේ තෙල් නැව්වලට පහර දුන්නේ ද ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකන් රජය මෙසේ ඉරානයට චෝදනා කරන්නේ, ඇමෙරිකන් නාවික හමුදාව, එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුවය.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS