ඉරානය - සිරියාව පුටින්ට සුබ පතයි



ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් මෙන්ම ඉරාන ජනාධිපති හසන් රොව්හානි ද රුසියානු ජනාධිපති පුටින්ට සුබ පතා ඇතැයි ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

සිරියානු අර්බුදය හමුවේ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට දිගටම බලයේ රැඳී සිටීමට ඉඩ සැළැසී ඇත්තේත්, සිරියාව තවත් ලිබියාවක් බවට පත් නොවුණේත් රුසියාවේ මැදිහත්මෙනි.

ඒ සම්බන්ධයෙන් පුටින්ට ස්තුති කරමින්, සිරියානු ජනාධිපති අසාද් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ශක්තිමත් නායකයකු බවත්, ලොවට එවැනි ශක්තිමත් නායකයකු අවශ්‍ය බවත්ය.

සිරියානු අර්බුදය මුල්කොට ගනිමින්, රුසියාව සහ ඉරානය අතර මේ වනවිට ශක්තිමත් සබඳතා පවතී. ඉරාන ජනාධිපති හසන් රොව්හානි රුසියානු ජනාධිපති පුටින්ට සුබපතමින් පවසා ඇත්තේ ඉදිරියටත් පුටින් සමඟ එක් වී කටයුතු කිරීමට හැකිවනු ඇති බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS