ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක්



 

ඉරාන විප්ලවීය හමුදාව විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.

වෙනත් රටක හමුදාවක්, ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව විසින් නම් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු තව තවත් ඉරානයට සම්බාධක පැනැවීමට ඇමෙරිකාවට හැකියාව ලැබේ. එමගින් ඉරාන ව්‍යාපාර ක්ෂේත්‍රයටත්, ආර්ථිකයටත් විශාල බලපෑමක් එල්ල වනු ඇති බව ද පැවැසෙයි.

මේ අතර, එකටඑක කිරීමක් ලෙස තමන් ද මැදපෙරදිග කලාපයේ ඇමෙරිකා හමුදා, ත්‍රස්වාදීන් ලෙස සලකන බව ඉරානය පවසා තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS