ඉරාන සොල්දාදුවෝ 10 ක් මරුට



ඉරාක ඉරාන දේශසීමාවේ ඉරාන හමුදා මුරපොළකට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයකින්, ඉරාන සොල්දාදුවෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ මර්වීන් නමැති පළාතේ දාරි යනුවෙන් හැඳින්වෙන ගම්මානයට අයත් හමුදා මුරපොළට බව පැවැසෙයි.

ඉරාන හමුදා සෙබළුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, එම ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් පලා ගිය බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS