ඉරාන සමාගම් තුනකට සම්බාධක



ඉරානයේ ඉස්ලාමීය විප්ලපීය හමුදාව හමුදාව සමග සම්බන්ධකම් ඇති සමාගම් තුනකට සහ පුද්ගලයන් හය දෙනකුට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

ඇමෙරිකාව භාණ්ඩාගාර ලේකම්වරයා, මෙම සමාගම් තුනට සහ පුද්ගලයන් සය දෙනාට සම්බාධක පැනැවූයේ ඉරාන විප්ලපීවය හමුදාව වෙනුවෙන් අරමුදල් රැස්කරන බවට චෝදනා නගමිනි. සම්බාධක පැනැවූ පුද්ලයන් සිවුදෙනාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැත. ඔවුන් ඉරාන ජාතිකයන් බව පැවැසෙයි.

ඇමෙරිකාව පැනැවූ එම නව සම්බාධක අනුව, මෙම සමාගම්වලට සහ පුද්ගලයන්ට ගනුදෙනු කිරීම වැළැකී යයි.
ඇමෙරිකාව මෙසේ ඉරානයට සම්බාධක පැනැවීම් සිදු කරන්නේ, ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුවය. එම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ඒ, එම ගිවිසුම සංශෝධනය කළ යුතු බව පෙන්වා දෙමිනි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS