ඉරාන වෛද්‍යවරු 10,000 කට කොරෝනා



ඉරානයේ වෛද්‍යවරුන් 10,000 කට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයි.

‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බැට කෑ මැදපෙරදිග රටක් වන්නේ ඉරානයයි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව, ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඉරාන රජයට ගැටලුවක් වී ඇත.

වෛද්‍යවරුන් 10,000 ට අමතරව ඉරාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 800 දෙනකුට ද ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බව ද වාර්තා වේ. ඒ අතරින් මියගිය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීන් ගණන 100 කට වැඩිය.

(අල් ජසීරා)


RECOMMEND POSTS