ඉරාන වීරවරියට සිරදඩුවම්



ඉරාන රජයේ දුෂණයන්ට එරෙහිව සාම්ප්‍රදායික හිජාබ් ඇඳුම ඉවත් කරමින් ප්‍රසිද්ධියේ විරෝධතාවය දැක් වු ඉරාන කාන්තාවට වසර දෙකක සිරදඩුවමක් ඉරාන අධිකරණය නියම කර ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඉරාන රජයට විරුද්ධව විරෝධතාව දැක්වීමෙන් පසු ඉරාන ජනතාව ඇය වීරවරියක් ලෙස හැඳින්වීමට කටයුතු කළ බව වාර්තා වේ.

ඉරාන අධිකරණය ලබාදුන් තීන්දු එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇය අදහස් කරන බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS