ඉරාන විරෝධී සමුළුව පෝලන්තයේ



මැදපෙරදිග කලාපීය රටවල් එකමුතුවෙන් සහ ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ‘ඉරාන විරෝධී’ සමුළුව පෝලන්තයේ වෝෂෝ අගනුවරදී ආරම්භ වී ඇත.

මැදපෙරදිග කලාපයට ඉරානයෙන් එල්ල වන තර්ජව සහ අභියෝග සම්බන්ධයෙව් හමුවී සාකච්ඡා පැවැත්විය යුතු යැයි මැදපෙරදිග රටවලට යෝජනා කළේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ය. ඒ, පසුගිය මාසයේ ඊජිප්තුවේ කයිරෝ නුවර සංචාරයක නියැලී සිටිද්දීය.

මෙම සමුළුව සම්බන්ධයෙන් ඉරානයෙන් දැඩි විරෝධයක් ද එල්ල වී ඇත. ඉරානය ඒ බව පෝලන්ත රජයට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. සමුළුව අතරතුරේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොස්පේඕ අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.

වෝෂෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS