ඉරාන විදේශ ඇමැති රුසියන් ජනපති හමුවක්



ඉරාන විදේශ ඇමැති ජාවාද් සරීෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ විශේෂ හමුවක් රුසියාවේ සෝචී නුවරදී පැවැත්විණි.

ද්වී පාර්ශීය වශයෙන් වැදගත් කරුණු කාරණා රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණු බව ද පැවැසෙයි. රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද හමුවට සහභාගී වී සිටියේය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානය සහ ලෝක බලවතුන් අතර ඇති කරගත් එකඟතාවට ගරු කරමින්, එය උල්ලංඝනය නොකර සිටීමට කටයුතු කරන්නැයි රුසියානු ජනපති පුටින් ඉරාන විදේශ ඇමැති ජාවාද් සරීෆ්ගෙන් ඉල්ලා සිටියේය.

ඉරානය සමඟ සාකච්ඡා කොට, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගත් ලෝක බලවතුන් අතරේ රුසියාව ද සිටී. සෙසු රටවල් වන්නේ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, චීනය සහ ජර්මනියයි.

(රොයිටර්)


RECOMMEND POSTS