ඉරාන විදෙස් ඇමැතිට තහංචි



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවේ රෝහලකට යෑමට උත්සාහ කළ ඉරාන විදෙස් ඇමැති ජාවද් සරීෆ්ට ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව හරස් වී ඇත.

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සරීෆ්ට දන්වා ඇත්තේ, ඉරාන රජය විසින් අත්අඩංගුවට ගෙන සිටින ඇමෙරිකන් පුරවැසියකු නිදහස් කරන්නේ නම් පමණක් රෝහලට යෑමට විදෙස් ඇමැතිවරයාට අවසර දෙන බවය. එම ඇමෙරිකන් පුරවැසියා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදයක් පවතී. එම අර්බුදය මුල්කොට ගනිමින්, ඉරාන විදේශ ඇමැතිවරයාට පමණක් නොව ඉරාන ජනාධිපති හසන් රොව්හානිට ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම වැළැක්වීමට ඇමෙරිකාව උත්සාහ ගත්තේ වීසා නොදීම හරහාය.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊට හරස් වීමෙන්, විදේශ ඇමැතිවරයාටත් ඉරාන ජනාධිපතිවරයාටත් ඇමෙරිකාවට පැමිණෙන්න අවස්ථාව උදා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS