ඉරාන විදෙස් ඇමැති ට්‍රම්ප්ට බෑ කියලා



දිනෙන් දින ඔඩුදුවන අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් සාකච්ඡා සඳහා ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ්ට ඇරැයුම් කර ඇති නමුත් ඉරාන විදේශ ඇමැතිවරයා එම ඇරැයුම ප්‍රතික්ෂේප කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් ඉරාන විදේශ ඇමැතිවරයාට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ඇරැයුම් කර ඇත්තේ රිපබ්ලිකන් සෙනෙට්සභික රෑන්ඞ් පෝල්ය. ඒ, ඉරාන විදේශ ඇමැතිවරයා පසුගිය මාසයේ  ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණි අවස්ථාවකදීය.

කෙසේ නමුත් ඉරාන රජයේ අනුමැතිය හෝ එකඟත්වය හෝ නොමැතිව තමන්ට ඇමෙරිකන් ජනාධිපතිවරයා හමුවිය නොහැකි යැයි ඉරාන විදේශ ඇමැතිවරයා සෙනෙට්සභික රෑන්ඞ් පෝල් ට පවසා තිබේ. ඇමෙරිකාව ඉරානය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ, ඉරානයට දිගට හරහට සම්බාධක පනවමිනි. එසේ සම්බාධක පනවමින් සාකච්ඡා පැවැත්වීමට ට්‍රම්ප් ආරාධනා කිරීම විහිළුවක් බව ද ඉරාන විදේශ ඇමැතිවරයා පෙන්වා දී ඇත.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS