ඉරාන විද්‍යාඥයා ඝාතනය කෙරේ



ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥ මොශේන් ෆක්රිෂාදේ තෙහෙරන් අගනුවරට නුදුරින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මොශේන් ෆක්රිෂාදේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිද්දී, ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත. වෙඩි ප්‍රහාරයට පෙර එම ස්ථානයේ බෝම්බයක් පිපිරී ගිය බව ද පැවැසෙයි.

මොශේන් ෆක්රිෂාදේගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් සිට ඇති අතර, ඔවුන් සහ ප්‍රහාරයට පැමිණි සන්නද්ධ කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී තිබේ.

ඉරාන රජය චෝදනා කරන්නේ මෙය ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශය මැදිහත් වීමෙන් ඇමෙරිකාවේ අනුදැනුම මත සිදුවුණු සැහැසි ක්‍රියාවක් බවය.

(රොයිටර්)


RECOMMEND POSTS