ඉරාන වැසියෝ වීදි බසිති



ජීවන වියදම දිනෙන් දින ඉහළ යන බවත්, එය දරා ගැනීමට නොහැකි බවත් පවසමින්, ඉරාන වැසියෝ පිරිසක් තෙහෙරාන් අගනුවර විරෝධා රැළියක් පැවැත්වූහ.

2012 වසරින් පසු ඉරානයේ විරෝධතා රැලියක් පැවැත් වුණු පළමු අවස්ථාව මෙය යැයි එරට මාධ්‍ය වාර්තා කළේය. දෙදහසකට ආසන්න පිරිසක් විරෝධතාවට එක්වුණු බව ද මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉරාන විනිමය අගය සීඝ්‍රයෙන් පහළ වැටීම ද ජනතා විරෝධයට හේතුවක් වී ඇති බව ද වාර්තා වේ. විරෝධතාවලට සහභාගී වූ වැඩි දෙනා සිල්ලර වෙළෙන්ඳන් බව ද පැවැසෙයි. විරෝධතාකරුවන් ඉරාන පාර්ලිමේන්තුව ආසන්නයට යෑමට උත්සාහ කළ නමුත්, පොලිසිය ඔවුන්ට හරස් වී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS