ඉරාන මිසයිල ආරක්ෂණ පද්ධතිය පණ ලබයි



එස් තුන්සීය වර්ගයේ අති නවීන මිසයිල ආරක්ෂණ පද්ධතිය සක්‍රීය කර ඇති බව ඉරානය සඳහන් කර සිටී.

ඊශ්‍රායලය තම රටේ න්‍යෂ්ඨික බලාගාරවලට ප්‍රහාරයක් එල්ලකිරීමේ අවදානමක් ඇති බව ඉරානය පවසනවා. ඒ හේතුවෙන් මෙවැනි ආරක්ෂණ පද්ධතියක් ලබා ගැනීමට වසර කිහිපයක් පුරා උත්සාහ දැරූ බවයි ඉරාන රජය  සදහන් කර සිටී.

ඉරානයට පැනවූ සම්බාධක හේතුවෙන් එය ලබා දීමට රුසියාව ද ප්‍රමාද කර තිබුණි.2015 වසරේදී ජාත්‍යන්තර ප්‍රජාව සමග න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹීමත් සමග රුසියාව ඉරානයට එම ආරක්ෂණ පද්ධතිය ලබා දීමට එකගත්වය පළකළ බව සදහන්වේ .

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....


RECOMMEND POSTS