ඉරාන පූජකයෙක් පිටුවහල් කරයි



නීති විරෝධි ආකාරයෙන් කුවේට් රාජ්‍යයට ඇතුළුවු ඉරාන පුජකවරයෙකු කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

මොහොමඩ් අල්-ෆාලී නම් පූජකයා අනන්‍යතාවය සැගවීමට බොරු නමක්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු භාවිතා කර කුවේට් රාජ්‍යයට පැමිණ ඇති බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

2008 වර්ෂයේදි කුවේට් සංචාරය අතරතුර ඇති වු මතභේදාත්මක සිද්ධියකින් පසු කුවේටයට ඇතුළු වීම බලධාරීන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 

ගුවන් මඟින් ඉරානයට පිටුවහල් කල බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS