ඉරාන පුවත් වෙබ් අඩවියට ප්‍රහාරයක්



අරාබි බසින් පුවත් පළ කරන ඉරානයේ අල් අලාම් පුවත් ජාලයට හැකර් ප්‍රහාරයක් එල්ල විය. හැකර් ප්‍රහාරය හේතුවෙන් එම ජාලයට අයත් වෙබ් අඩවිය අඩපණ වුණැයි වාර්තා විය.

ඉරාන ආරක්ෂක අංශ කියා සිටියේ සෞදි හැකර්වරුන් පිරිසක් එම පප්‍රහාරය පසුපස සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියාය.

අල් අලාම් පුවත් ජාලයේ ප්‍රධානීන් පවසා ඇත්තේ තම පුවත් සේවය ඉලක්ක කර ගනිමින් හැකර් ප්‍රහාරයක් එල්ල වුණු පළමු අවස්ථාව මෙය කියාය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS