ඉරාන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් දේශපාලනයෙන් ඉවත්වෙයි !



ගල්ෆ් නිව්ස් ඇසුරෙනි ....

අඛණ්ඩව වසර හයක් තිස්සේ ඉරානයේ නිවාස අඩස්සියේ සිටින එරට ප්‍රධාන පෙළේ විපක්ෂ නායකයෙකු හා එරට නැෂනල් ට්‍රස්ට් පක්ෂයේ නායකයා වන මහ්දි කරෝබි සිය පක්ෂයෙන් හා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තීන්දු කර ඇතැයි වාර්තාවේ.

2009 වසරේදී ඉරාන දේශපාලනයට ප්‍රතිසංස්කරණ ගෙන ඒමෙහිලා  පුරෝගාමීන් වෙමින් 2009 වසරේදී එවකට ඉරාන ජනාධිපතිවරයාව සිටි මොහොමද් අහමෙදිනෙජාඩ්ට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක් පවත්වා ගෙන යාමේ චෝදනා යටතේ 2011 වසරේදී නිවාස අඩස්සියට පත් කෙරුණු කරෝබි  වර්තමානයේ එරට තුළ පවතින දේශපාලන ගැන ඇතිවූ කළකිරීම් හේතුවෙන් මෙලෙස සමු ගැනීමට හේතුවී ඇතැයි පැවසේ.කරෝබි 79 හැවිරිදි වියේ පසුවේ.

එසේම තමන් දිගින් දිගටම නිවාස අඩස්සියේ රඳවා තැබීමෙන් කරෝබි දැඩි කණස්සලෙන් පසුව අතර මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිය පක්ෂ මහලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ ‘‘ 2011 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා සිටිනා තත්ත්වයේ අවසානය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් එබැවින් මෙම ඉල්ලා අවස්වීම පිළිගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී.

එසේම තමන්ගේ මෙම ඉල්ලා අස්වීමෙන් ලබන මැයි මාසයේ ඉරානයේ පැවැත්වෙන් ජනාධිපතිවරණය සඳහා ඉරාන දේශපාලනයේ ප්‍රතිසංස්කරණයට තමන්ට වඩා ශක්තිවන්ත අයෙකුගේ ආගමනය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සෑදෙනු ඇති බවත් හෙතෙම සිය පක්ෂය වෙත ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ.

තවද ඉරාන තුළ ප්‍රතිසංස්කරණ ව්‍යාප්ත කිරීමට සියලු ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම් හා පෙරමුණු එකට එක්ව විය යුතු බවද හෙතෙම පෙන්වා දේ.

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS