ඉරාන ප්‍රංශ සබඳතා තර වෙයි



එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝක් නුවරට පැමිණ සිටින ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.

දෙරට අතර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් එහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වුණැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය පවසයි. රාජ්‍ය නායකයන් දෙදෙනා අතර හමුව පැවැත් වූයේ නිව්යෝක් නුවර පැලස් හෝටලයේය.

ඉරානය සහ ලෝක බලවතුන් සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික එකඟතාවට ගරු කරමින්, කටයුතු කරන්නැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඉරාන ජනාධිපති හසන් රොව්හානිගෙන් ඉල්ලා සිටියේය.

හසන් රොව්හානි සහ මැක්රොන් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙය වන අතර මැක්රොන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියකට සහභාගී වුණු පළමු අවස්ථාව ද මෙය වෙයි.

මීට අමතරව ඉරාන ජනාධිපති හසන් රොව්හානි සහ ඔස්ටි්‍රයානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් අතරේත්, ස්වීඩන අගමැති ස්ටෙෆාන් ලොවෙන් අතරේත් සාකච්ඡා පැවැත්වුණු අතර ඉරානය සහ ඔස්ටි්‍රයාව අතරේත් ස්වීඩනය අතරේත් ද්වී පාර්ශ්වීය සබඳතා තර කර ගැණුනු බව වාර්තා විය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS