ඉරාන දූපතකට මැරුණු මෝරු ගොඩගහලා



ඉරානයට අයත් ‘ෂිෆ්’ නමැති දූපතේ වෙරළ තීරය මියගිය මෝරුන්ගෙන් පිරී පවතින බව ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

පුවත් සේවා වාර්තා කරන අන්දමට මෝරුන් සිය ගණනක් දූපතේ දකින්න ලැබේ.

මෙම මෝරුන්ගේ වරල් කපා දමා ඇත. මෝරුන්ගේ වරල් ඖෂධ සඳහා යොදා ගනී. මොරුන් මැරීම තහනම්ය. සත්වවේදීන් පෙන්වා දෙන්නේ ඉරාන ධීවරයන් විසින් අල්ලා වරල් කපාගෙන මරා දැමුණු මෝරුන් මෙසේ දූපතට ගොඩ ගැසී ඇති බවය.

මෝරකුගේ වරලක කිලෝ ග්‍රෑම් 1 ක් අලෙවි වෙන්නේ ඇමෙරිකන් ඩොලර් දෙකක මුදලකට යැයි ඉරාන පරිසර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හොසේන් ඩෙල්ෂාබ් පවසයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS