ඉරාන තෙල් නැව ‘බ්ලැක්ලිස්ට්’



බ්‍රිතාන්‍ය රජයේ උපදෙස් පරිදි, ජිබ්රෙල්ටා බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දින ගණනාවක් රඳවා තබා ගත් ‘ග්‍රේස් 1’ නමැති ඉරානයට අයත් තෙල් නෞකාව ඇමෙරිකාව විසින් ඔවුන්ගේ අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ජිබ්රෙල්ටාව බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයකි. තෙල් නැව අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එය යුරෝපා සංගමයේ සම්බාධක නොකතා සිරියාව බලා යාත්‍රා කරමින් තිබියදීය.

කෙසේ නමුත් ඉරාන බලධාරීන් පසුව පෙන්වා දුන්නේ නැව සිරියාව බලා යාත්‍රා නොකළ බවය. අදාල ලියකියවිලි සැලකිල්ලට ගනිමින් ජිබ්රෙල්ටා බලධාරීන් ග්‍රේස් 1 නැව පසුගිය අගෝස්තු මුලදී නිදහස් කළේය. දැන් එය යළි ඉරානය බලා යන්නේ ‘ඒඩ්‍රියන් දර්යා 1’ යනුවෙන් නම වෙනස් කිරීමෙන් ද පසුවය.

ඉරානය සමඟ පවතින අර්බුදය හේතුවෙන් ඇමෙරිකාව දිගින් දිගටම බ්‍රිතාන්‍ය සහ ජිබ්රෙල්ටා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තෙල් නැව නිදහස් කිරීමෙන් වැළකී සිටින ලෙසය. නැව තමන්ට බාර දෙන්නැයි ද ඇමෙරිකාව ඉල්ලා සිටියේය. කෙසේ නමුත් ජිබ්රෙල්ටා අධිකරණය නැව නිදහස් කළේය. ඇමෙරිකාව ඊට සම්බාධක පැනැවීමක් කර ඇත්තේ ඉන්පසුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS