ඉරාන තෙල් නැව මුදා හරින්න



බි‍්‍රතාන්‍ය රජයේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් ඉරාන තෙල් නෞකාව නිදහස් කරන්නැයි ජිබ්රෙල්ටා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ජිබ්රෙල්ටා යනු ස්පාඤ්ඤය අසල පිහිටි බි‍්‍රතාන්‍ය පාලන ප‍්‍රදේශයකි. ඇමෙරිකාවේත් බි‍්‍රතාන්‍යයේත් උපදෙස් පරිදි, ජිබ්රෙල්ටා බලධාරීන් සහ බි‍්‍රතාන්‍ය රාජකීය මැරීන් සොල්දාදුවන් ‘ගේ‍්‍රස් 1’ නමැති ඉරාන තෙල් නෞකාව අත්අඩංගුවට ගත්තේ පසුගිය ජුලි 4 වැනිදාය.

නෞකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 140 ක් වටිනා බොර තෙල් පුරවාගෙන සිරියාවේ බනියාස් නමැති වරාය වෙත යාත‍්‍රා කරමින් තිබුණු බැවින් එය අත්අඩංගුවට ගත්තේ යැයි ජිබ්රෙල්ටා සහ බි‍්‍රතාන්‍ය චෝදනා නගන්න විය.

සිරියානු අර්බුදය හේතුවෙන් ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සම්බාධක පනවා ඇත. සම්බාධක අනුව, සිරියාවට තෙල් රැුගෙන යෑම සහ සිරියාව සමඟ තෙල් ගනුදෙනු සිදු කිරීම තහනම්ය. ඉරානයට අයත් මෙම තෙල් නෞකාව අත්අඩංගුවට ගැණුනේ ඒ නිසා යැයි බි‍්‍රතාන්‍යය රජය පෙන්වා දී තිබුණි.

‘ග්‍රෙස් 1’ නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ගල්ෆ් මුහුදු කලාපයේ නව අර්බුදයක් නිර්මාණය විය. ඉරාන විප්ලවීය හමුදාව විදෙස් තෙල් නැව්වලට බාධාවක් කරන්න පටන් ගත්තේය. විදෙස් තෙල් නෞකා කීපයක් ඉරානය විසින් අල්ලා ගනු ලැබුණි.

ඒ අනුව, ගල්ෆ් මුහුදු කලාපයේ යාත‍්‍රා කරන තෙල් නෞකා සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට ඇමෙරිකා සහ බි‍්‍රතාන්‍ය නාවික හමුදාව පියවර ගත්තේය. ඇමෙරිකා සහ බි‍්‍රතාන්‍ය යුද නෞකා ගල්ෆ් මුහුදු සීමාවට යොමු කෙරුණි.

‘ගේ‍්‍රස් 1’ තෙල් නෞකාව සම්බන්ධයෙන් ජිබ්රෙල්ටා මහ ඇමැති ෆැබියාන් ෆිකාඩෝ පසුගිය ජූලි 19 වැනි දා ලන්ඩන් නුවරදී ඉරාන බලධාරීන් හමුවී සාකච්ඡුා පැවැත්වීය. එහිදී ඉරාන බලධාරීන් සහතික වූයේ තම නැව සිරියාව බලා යාත‍්‍රා කරමින් නොතිබුණු බවය. නෞකාව සහ එහි ගමන් විස්තර ජිබ්රෙල්ටා බලධාරීන් වෙත ලබා දීමට ඉරාන බලධාරීහු කටයුතු කළහ.

ඒ අනුව, ඉරාන නෞකාව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය සිරියාවට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීමක් සිදුවී නොමැති බව ජිබ්රෙල්ටා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, නෞකාව මුදා හරින්නැයි නියෝග කෙරුණි. ඒ අනුව, එකට එක කිරීමක් ලෙස ඉරානය විසින් අල්ලාගත් විදෙස් තෙල් නෞකා ද මුදා හැරෙනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS