ඉරාන තෙල් නැව අල්ලන්න ඇමෙරිකාවෙන් වරෙන්තුවක්



බි‍්‍රතාන්‍ය රාජකීය මෙරීන් නාවික හමුදා සොල්දාදුවන් සහ ජිබ්රෙල්ටා වෙරළාරක්ෂකයන් ද එක් වී, අත්අඩංගුවට ගනු ලැබූ ඉරානයට අයත් ‘ග්‍රෙස් 1’ තෙල් නැව තමන් භාරයට ගන්නැයි ඇමෙරිකාව වරෙන්තුවක් නිකුත් කර ඇත. මේ නැව පසුගිය දින 43 පුරාවට ජිබ්රෙල්ටා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවිය. ජිබ්රෙල්ටා යනු බි‍්‍රතාන්‍යයට අයත් පාලන ප‍්‍රදේශයකි.

ඒ, ගේ‍්‍රස් 1 නෞකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 140 ක් වටිනා බොර තෙල් පුරවාගෙන සිරියාවේ බනියාස් නමැති වරාය වෙත යාත‍්‍රා කරමින් තිබුණු බැවින් එය අත්අඩංගුවට ගත්තේ යැයි ජිබ්රෙල්ටා සහ බි‍්‍රතාන්‍ය චෝදනා නැගූ බැවිනි.

සිරියානු අර්බුදය හේතුවෙන් ඇමෙරිකාවත් යුරෝපා සංගමයත් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සම්බාධක පනවා ඇත. සම්බාධක අනුව, සිරියාවට තෙල් රැුගෙන යෑම සහ සිරියාව සමඟ තෙල් ගනුදෙනු සිදු කිරීම තහනම්ය. ඉරානයට අයත් මෙම තෙල් නෞකාව අත්අඩංගුවට ගැණුනේ ඒ නිසා යැයි බි‍්‍රතාන්‍යය රජය පෙන්වා දී තිබුණි.

කෙසේ නමුත් පසුගිය 15 වැනිදා බි‍්‍රතාන්‍ය රජයේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් ඉරාන තෙල් නෞකාව නිදහස් කරන්නැයි ජිබ්රෙල්ටා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ, ‘ගේ‍්‍රස් 1’ තෙල් නෞකාව සම්බන්ධයෙන් ජිබ්රෙල්ටා මහ ඇමැති ෆැබියාන් ෆිකාඩෝ පසුගිය ජූලි 19 වැනි දා ලන්ඩන් නුවරදී ඉරාන බලධාරීන් හමුවී සාකච්ඡුා පැවැත්වීය. එහිදී ඉරාන බලධාරීන් සහතික වූයේ තම නැව සිරියාව බලා යාත‍්‍රා කරමින් නොතිබුණු බවය. නෞකාව සහ එහි ගමන් විස්තර ජිබ්රෙල්ටා බලධාරීන් වෙත ලබා දීමට ඉරාන බලධාරීහු කටයුතු කර තිබුණාහ.

ඉරාන නෞකාව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය සිරියාවට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීමක් සිදුවී නොමැති බව ජිබ්රෙල්ටා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර, නෞකාව මුදා හරින්නැයි නියෝග කෙරුණි. දැන් ඇමෙරිකාව සූදානම් වන්නේ එම නැව ඔවුන්ගේ භාරයට ගැනීමට යැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS