ඉරාන ඩ්‍රෝන යානයක් ඇමෙරිකාව බිම හෙළයි



හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ, තම යුද නැවකට ළං වූ ඉරාන ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව ඇමෙරිකාව කියයි.

ඉරානයට අයත් එම ඔත්තු නිරීක්ෂණ නියමුවන් රහිත ඩ්‍රෝන යානය ළං වී ඇත්තේ ‘යූඑස්එස් බොක්සර්’ නමැති ඇමෙරිකන් යුද නැවටය.

ඩ්‍රෝන යානය නැවට යාර 1,000 ක් ළං වුණු අවස්ථාවේදී ඊට වෙඩි තැබීමට නාවික හමුදාව තීරණය කර ඇති බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිද්ධිය ගැන මාධ්‍ය වෙත දැනුම් දෙමින් පැහැදිලි කළේය.

හෝමූස් සමුද්‍ර සන්ධිය වැටී ඇත්තේ ඉරානය හරහාය. සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන නැව්වලට ඉරානයෙන් තර්ජන එල්ල වෙයි. මේ හේතුව නිසා ගල්ෆ් මුහුදු සීමාවට ඇමෙරිකාව ඔවුන්ගේ යුද නැව් යවා ඇත. ‘යූඑස්එස් බොක්සර්’ එසේ යවනු ලැබ ඇති එක් යුද නැවකි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS