ඉරාන ජනපතිවරණයට අතපොවන්න ඇමෙරිකාවට බෑ



ඉරාන ජනපතිවරණයට මැදිහත් වී, ඊට බලපෑමක් කිරීමට ඇමෙරිකාවට නොහැකි බව ඉරාන ආරක්ෂක ඇමැති බ්‍රිගේඩියර් ජනරාල් හුසේන් දෙහ්කාන් කියයි.

බ්‍රිගේඩියර් ජනරාල් හුසේන් දෙහ්කාන් මේ බව කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඉරාන ජනපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් ‘බටහිර ගැත්තන්’ නොවන බව බ්‍රිගේඩියර්වරයා වැඩි දුරටත් කියා සිටී.

ඇමෙරිකාව ඔවුන්ට හිතවාදී අපේක්ෂකයකු ජනපති ලෙස පත් කර ගැනීමට උත්සාහ ගන්නවා නම් එය සිහිනයක් පමණක් යැයි ද බ්‍රිගේඩියර්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS