ඉරාන ජනපතිවරණය උණුසුම්



ඉරාන ජනපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් හය දෙනා සහභාගී වූ සජීවී රූපවාහිනී විවාදය පසුගිය දා (28) පැවැත්වුණු අතර එය ඉතා උණුසුම් ස්වභාවයක් ගත්තේය.

අපේක්ෂකයන් සය දෙනා අතරේ විවාදයට බඳුන් වූයේ සමාජීය, සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික කටයුතු සම්බන්ධයෙනි. ලබන මැයි මාසයේ පැවැත්වෙන්නේ ඉරානයේ 12 වැනි ජනාධිපතිවරණයයි.

අපේක්ෂකයන් 6 දෙනා අතරේ වත්මන් ඉරාන ජනාධිපති හසන් රොව්හානි ද ඉදිරිපත් වී සිටී.

අපේක්ෂකයන් අතරේ රූපවාහිනී සජීවීව රූපවාහිනියෙන් විකාශය කිරීම සම්බන්ධයෙන් ද වාද විවාද පැවැති නමුත් ඉරාන ආගමික නායකයන්ගේ ඉල්ලීම මත සජීවී විකාශන සිදුවන බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS