ඉරාන ජනපතිධුර අපේක්ෂක ලැයිස්තුව ප්‍රසිද්ධියට



ඉරාන ජනාධිපතිවරණය ලබන මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගීවීමට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්ගේ නාම ලේඛනය ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.

මෙම අපේක්ෂකයන් තෝරා ගැනීම සිදු කරනු ලැබුවේ ‘ඉරාන භාරකාර මණ්ඩලය’ විසිනි.

මුස්ථාෆා අක් මිර්සාලිම්
මුස්තාෆා හෂේමි තාබා
එස්හාක් ජහින්ගිරි
මොහොමද් බකාර් කලීබාෆ්
සයියාද් ඊබ්‍රහීම් රයෝසී

සහ වත්මන් ජනපති ධුරය හොබවන හසන් රොව්හානි ද එම අපේක්ෂකයන් අතරේ සිටිති.

හසන් රොව්හානි ඉරානයේ ජනපති ධුරයට පත්වීමට පෙර එම ධුරයේ කටයුතු කළ මොහොමද් අහමදිනෙජාද් ද යළි ජනපති ධුරය වෙනුවෙන් ඉල්ලුම් කර තිබුණ ද ‘ඉරාන භාරකාර මණ්ඩලය’ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

අවසන් අපේක්ෂකයන් 6 දෙනා තෝරා ගැනීම සිදු කළේ ඉල්ලුම්පත්‍ර 1,600 ක් අතරින් යැයි ද ‘ඉරාන භාරකාර මණ්ඩලය’ වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS