ඉරාන ජනපතිගේ පළමු ඉරාක සංචාරය සාර්ථකයි



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට පැමිණ සිටින ඉරාන ජනාධිපති හසන් රොව්හානී, ඉරාක ජනාධිපති අලී හකීම් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු මාධ්‍ය හමුවේ කියා සිටියේ තම පළමු ඉරාක සංචාරය සාර්ථක වුණු බවත්, ඉරාකය සමඟ යහපත් සබඳතා ඇතිකර ගැනීමට තමන්ට හැකිවුණු බවත්ය.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි ඉරාකයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. අතීතයේ ඉරානය සහ ඉරාකය පසමිතුරන් ලෙස යුද වැදුණ ද, 2013 වසරේ සිට අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී, ඉරාක රජයට සහ හමුදාවට ඉරාන හමුදාවේ සහාය නොඅඩුව හිමිවිය. ඒ අනුව, ඉරානයත් ඉරාකයත් අතර මිතුදම් යළි වර්ධනය විය. කෙසේ නමුත් ඉරාකය සමඟ ඉරානය හිතවත්කම් පැවැත්වීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී තිබේ.

බැග්ඩෑඞ්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS