ඉරාන ජනපතිගෙන් විරෝධය



එදිරිවාදිකම් පසෙකලා යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය එකඟත්වය පළ කිරීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති හසන් රොව්හානී සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ඉරාන ජනාධිපති හසන් රොව්හානී පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කළේ ලොකු වරදක් බවත්, ඔවුන් මැදපෙරදිග මුස්ලිම් රටවලට ද්‍රෝහී වූ බවත්ය. ඉරාන ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මුල්කොට ගනිමින්, අබුඩාබි හි ඉරාන තානාපති කැඳවා ඔහුට විරෝධය පළ කිරීමට ද එක්සත් අරාබි එමිරේට්ස් රජය කටයුතු කළේය.

පලස්තීනුවන්ට සිදුවන අසාධාරණකම් හේතුවෙන් අරාබි රටවල් ඊශ්‍රායලය සමඟ හිතවත්කම් පවත්වන්නේ නැත.මැදපෙරදිග රටවල් අතරින් ඊශ්‍රායලය සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ජෝර්දානය සහ ඊජිප්තුවය. ජෝර්දානය සහ ඊජිප්තුව අරාබි රටවල් ලෙස සැලකෙන අතර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සැලකෙන්නේ ගල්ෆ් අරාබි රාජ්‍යයක් ලෙසය.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීම කාගේත් පුදුමයට හේතුවක් වූ අතර, පලස්තීනුවන්ගේ විරෝධය ඊට දැඩි විරෝධයක් එල්ල විය. ඔවුන් තරයේ පවසා ඇත්තේ සිටියේ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තමන්ට ද්‍රෝහි වුණු බවත්, පිටට පිහියෙන් ඇන්න බවත්ය.

එක්සත් අරාබි හමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූයේ ඇමෙරිකාවේ මැදිහත්වීමෙනි.රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති වූයේ දීර්ඝ වශයෙන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසය.

ඒ සඳහා එක්සත් අරාබි එමිරේට්ස් නියෝජිතයන් සහ ඊශ්‍රායල නියෝජිතයන් එක්වුණු අතර, මැදහත්කරුවන් ලෙස ධවල මන්දිරය නියෝජනය කරමින් ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමක් එක් විය.රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලැබුවේ එක්සත් අරාබා එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි හි ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ පැවැත්වුණු දුරකතන සාකච්ඡාවකින් පසුවය.

අබුඩාබි (රොයිටර්)


RECOMMEND POSTS