ඉරාන ජනපතිගෙන් ප්‍රතිඥාවක්



ඉරානයට බලපෑ අති ප්‍රබල භූමිකම්පාවෙන් නිසි ප්‍රමිතියට ඉදි නොකළ පෞද්ගලික අංශයේ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී තිබේ.

විපතට පත්වූවන් ගැන සොයා බලමින් ඉරාන ජනපති හසන් රොව්හානි මාධ්‍ය හමුවේ ප්‍රතිඥා දුන්නේ එවැනි ගොඩනැගිලි හිමිකරුවන් සහ ඊට අදාළ පාර්ශ්වය්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවය.

භූමි කම්පාව හටගත් අවස්ථාවේදී රජයේ ගොඩනැගලි කිසිවක් බිමට සමතලා නොවුණු බවත්, බිමට සමතලා වූයේ ඒවා අසලින් ඉදිකර තිබුණු පෞද්ගලික අංශයේ ගොඩනැගිලි කිහිපයක් බවත් රොව්හානි පෙන්වා දුන්නේය.

භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ සර්පෝල් ඊ සහාද් නගරයටය. රොව්හානි එම නගරයේ සංචාරය නියැලුණේය. ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළේ එම අවස්ථාවේදීය.

ඉරාන ඉරාක දේශසීමාවේ එම භූමි කම්පාව හටගත්තේ පසුගිහ 13 වැනිදාය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 500 කට ආසන්නය. තුවාල ලැබූ ගණන 8,000 ක් යැයි පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS