ඉරාන ජනපතිගෙන් තුර්කි ජනපතිට ඇමතුමක්



දෙවැනිවරටත් ජනවරමක් හිමිවුණු ඉරාන ජනාධිපති හසන් රොව්හානිගෙන් තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගොන්ට දුරකතන ඇමැතුමක් ලැබුණි.

ඉරාන ජනපතිවරයා තුර්කි ජනපති ඇමැතුවේ ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමටය. දෙවැනිවරටත් විශිෂ්ට ජනවරමක් හිමිවුණු රොව්හානීට සුබ පැතීමට තුර්කි ජනාධිපති එර්ඩෙගොන් එම අවස්ථාවේදී කටයුතු කළේ යැයි ද වාර්තා වේ.

රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ආර්ථික සහ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද ජනපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි. ඉරානය සමඟ නව සබඳතා ඇති කර ගැනීමේ නව පරිච්ඡේදයක් ආරම්භ කළේ යැයි තුර්කි ජනපති එම දුරකතන සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ කියා සිටියේය.

‘පසුගිය සිවු වසරක කාලයේ ඉරානය සහ තුර්කිය අතර සබඳතා පැවැත්වුණේ ඉතා මන්දගාමීව. ඒත් දැන් අප පියවර කිහිපයක් ඉදිරියට තැබීමට සූදානම් වෙනවා. ඉරාන ජනපති රොව්හානි ඒ වෙනුවෙන් කැපැවී සිටින බවක් පෙනෙනවා’ යැයි තුර්කි ජනපති වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද තුර්කි ජනාධිපති සහ ඉරාන ජනාධිපති අතරේ සාකච්ඡා පැවැත්විණි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS