ඉරාන ජනපති හසන් රොව්හානී ඕමාන් - කුවේට් යන්න සැරැසෙයි



ඉරාන ජනාධිපති හසන් රොව්හානි, ඕමාන් සහ කුවේට් රාජ්‍යයන් බලා නිල සංචාරයකට යෑමට නියමිතය. 

එම සංචාරයේ පළමු අදියර යටතේ ඉරාන ජනපතිවරයා තෙහෙරාන් නුවර සිට මුස්කට් බලා යනු ඇතැයි ඉරානයේ ප්‍රෙස්ටීවී පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන ජනපති ඕමාන් බලා යන්නේ ඕමානයේ සුල්තාන් කබූස්ගේ ඇරැයුමකටය. ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමෙන් පසු ඉරාන ජනපතිවරයා කුවේටයට පැමිණෙනු ඇත්තේ සිය සංචාරයේ දෙවැනි අදියර ලෙසිනි. ඒ, කුවේට් එමීර් ෂෙයික් සබාහ් අල් අහ්මද්ගේ ඇරැයුමකට අනුවය.

 

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS