ඉරාන ජනපති හමුවන්න ට්‍රම්ප් කැමැත්තෙන්



කිසිදු කොන්දේසියක් නොමැතිව, ඉරාන ජනාධිපති හසන් රොව්හානී සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අතරතුරේය. ‘ඉරාන ජනාධිපති හසන් රොව්හානී කැමැති නම්, ඔහු කැමැති ඕනෑම වේලාවක මම ඔහු හමුවන්න සූදානම්’ යැයි ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර නොහොඳනෝක්කඩු පවතී.

පසුගිය දා ඉරාන ජනාධිපතිවරයා ට්‍රම්ප් සහ ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය. ‘නිදා සිටින සිංහයාගේ වලිගයෙන් අදින්න එපා’ යැයි ඉරාන ජනාධිපතිවරයා ට්‍රම්ප්ට අනතුරු ඇඟවීය.

මෙම ප්‍රකාශයෙන් කෝපයට පත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකාවට තර්ජනය කිරීමෙන් වළකින ලෙසත්, දිගටම තර්ජනය කළොත් පසුතැවෙන්න සිදුවනු ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS