ඉරාන ජනපති රොව්හානී තුර්කි ජනපති හමුවෙයි



ආර්ථික සහයෝගීතා සමුළුව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වෙද්දී, ඊට සමගාමීව ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගාන් අතරේ විශේෂ හමුවක් ද පැවැත්විණි.

මැද පෙරදිග කලාපයේ, ඉරාකය සහ සිරියාව වැනි රටවල ස්වෛරීත්වයට ගරු කළ යුතු යැයි එම හමුවේදී ඉරාන නායකයා තුර්කි ජනපතිවරයාට පැහැදිලි කළේය.

සිරියානු අර්බුදයේ දී ඉරානය සහාය දෙන්නේ සිරියානු රජයටය. තුර්කිය සහාය දෙන්නේ රජය පෙරළා දැමීමට උත්සහ ගන්නා විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වලටය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS