ඉරාන චිත්‍රපටය හොඳම චිත්‍රපටය



ලෝක සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝර්ඞ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ඉරාන චිත්‍රපටයයි. 

එම චිත්‍රපටය ‘ද සේල්ස්මන්’ ය. මෙය ඉරාන සිනමාකරු අස්ගාර් ෆර්හාදීගේ අධ්‍යක්ෂණයකි. අස්ගාර් ෆර්හාදීගේ චිත්‍රපටයක් මීට පස් වසරකට පෙර ද හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මානය දිනා ගෙන ඇත.

ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානය ඇතුළු මුස්ලිම් රටවල් 7 ක වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම වැළැක්විමට කටයුතු කළ හෙයින් ඊට විරෝධය පෑමක් ලෙස අස්ගාර් ෆර්හාදී හෝ චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් හෝ සම්මාන උලෙළ වර්ජනය කරමින් පැමිණ සිටියේ නැත. සම්මාන උලෙළ පැවැත්වූයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදීය.

(රොයිටර්)

 


RECOMMEND POSTS