ඉරාන ගුවන් සීමාව භාවිතා කරන්න එපා



ඉරාන ගුවන් සීමාව භාවිත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ගුවන් සේවා සමාගම්වලට අනතුරු අඟවා ඇත.

ප්‍රහාරක ජෙට් යානා කිහිපයක් 2017 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් සිවිල් ගුවන් යානයක ගමන් මාර්ගයට හරස්වීම සහ හමුදා ක්‍රියාකාරකමක් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් ගුවන් සේවා පරිපාලනය එම අනතුරු ඇඟවීම කර ඇත.

මෙම වසර සඳහා පැරැණි මාර්ගෝපදේශ සංග්‍රහය යාවත්කාලීන කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් ගුවන් සේවා පරිපාලනය එම කරුණු සඳහන් කර ඇත.

සිරියානු සිවිල් යුද්ධය ද ඇතුළුව ඉරාන ගු-වන් සීමාවේ හමුදා ක්‍රියාකාරකම් වැඩි වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද සිවිල් ගුවන් සේවා පරිපාලනය පෙන්වා දෙයි. ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපද ගු-වන් සේවා විශේෂයෙන් ඉලක්ක කරගනිමින් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් මැයි මාසයේදී ඓතිහාසික ඉරාන ගිවිසුමෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් කරගත්තේය. එතැන් පටන් ඇමෙරිකාව සහ ඉරානය අතර සබඳතා නරක අතට හැරිණි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී ඉරානයට පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට ඇමෙරිකාව 2015 වසරේදී පියවර ගත්තේය. ඉවත් කරන ලද එම සම්බාධක නැවත පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත් අතර පසුගිය මාසයේදී නව සම්බාධක ද පැනවීය.

ගුවන් සීමා සම්බන්ධයෙන් ගුවන් සේවා සමාගම්වලට ආරක්ෂක තොරතුරු සපයන ගුවන් සේවා කාර්යාංශය ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

“ඉරාන ගුවන් සීමාව තුළ ගුවන් ගමන් කිරීමේදී ඇමෙරිකාව සහ ඉරානය අතර සබඳතා පළුඳු වීම සැලකිල්ලට ගත යුතු” යැයි එම කාර්යාංශය සඳහන් කර ඇත.

“පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉරාක ගුවන් සීමාව විවෘත කළා. එයින් විකල්පයක්. කෙසේ නමුත් මේ කලාපය තුළ සර්ව සම්පූර්ණයෙන් ආරක්ෂිත ගුවන් සීමාවක් නැහැ. ඉරාකය සහ ඉරාන සම්බන්ධයෙන් සේවා සපයන්නන් සැලකිලිමත් විය යුතු” යැයි ද විද්‍යුත් පණිවුඩ (ඊමේල්) එම කාර්යාංශය ඔවුන්ගේ සේවාදායකයන්ට දන්වා ඇත.

හිතුවක්කාරි සහ අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම් යන අවදානම් නිසා ඉරානයට සංචාරය නොකරන්නැයි ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට අවවාද කර ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS