ඉරාන ගුවන් කඳවුරු භාවිතා කරන්න රුසියාවට අවසර



සිරියාවේ හමුදා මෙහෙයුම්වල නියැලෙන රුසියානු ගුවන් හමුදාවට ඕනෑම අවස්ථාවක තම ගුවන් හමුදා කඳවුරු භාවිතා කළ හැකි යැයි ඉරානය කියයි.

ඉරාන රජය වෙනුවෙන් මේ බව රුසියාවට දැනුම් දුන්නේ ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ්ය.

රුසියානු ගුවන් හමුදාව සිරියාවේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. ඒ, සිරියානු රජයේ හමුදාවට ද සහාය පළ කරමිනි.

‘රුසියාවේ හමුදා කඳවුරක් ඉරානයේ නැහැ. රුසියාව සහ ඉරානය අතර හොඳ අවබෝධයක් තිබෙනවා. දෙරට අතර මිතුදම් ශක්තිමත්. සිරියාවේ අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේ දී ඕනෑම වෙලාවක ඉරානයේ ගුවන් හමුදා කඳවුරු භාවිතයට ගන්න රුසියාවට අපි ඉඩ ලබා දෙනවා’ යැයි ඉරාන විදේශ ඇමැති මොහොමද් ජාවද් සරීෆ් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS