ඉරාන කොන්සල් කාර්යාලය ගිනි තබයි



දකුණුදිග ඉරාකයේ බස්රා නුවර ඉරාන කොන්සල් කාර්යාලය ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.

ගිනි තැබීම කර ඇත්තේ බස්රා නුවර වීදි බැස මූලික අයිතීන් වෙනුවෙන් විරෝධතා පවත්වන ප්‍රචණ්ඩ විරෝධතාකරුවන් යැයි පැවැසෙයි.

කොන්සල් කාර්යාලයේ ඉරාන ජාතිකයන් කිසිවකුට අනතුරක් නැති බව ද වාර්තා වේ.

විරෝධතාකරුවන්ට ඉරාක ආරක්ෂක අංශ හරස්වීමෙන් හටගත් ගැටුම් හේතුවෙන් විරෝධතාකරුවෝ 11 ක් ජීවිතක්ෂයට පත් වූහ.

(බී.බී.සී.)


RECOMMEND POSTS