ඉරාන කුද්ස් බළඇණියේ නව නායකයා



ඇමෙරිකන් හමුදා කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමෙන් පසු ඉරාන විප්ලවීය හමුදාවේ ආධාරක බළඇණියක් වන ‘කුද්ස්’ බළඇණියේ නායකයා ලෙස බි්‍රගේඩියර් ජනරාල් ඉස්මායිල් ඛානී පත් කරනු ලැබ තිබේ.

ඉරානය විදේශවල හමුදා මෙහෙයුම් සිදු කරන්නේ ‘කුද්ස්’ බළඇණිය යොදවමිනි. මෙම බළඇණිය ඉරානයෙන් පිට විදේශවල ආරක්ෂක, බුද්ධි අංශ පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ද සම්බන්ධ වෙයි.

ඇමෙරිකාව ‘කුද්ස්’ බලඇණිය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. ඇමෙරිකන් හමුදා සුලෙයිමානී ත්‍රස්තවාදියකු ලෙස සලකමින් ඔහු ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදිය.
‘කුද්ස්’ බළඇණිය ක්‍රියාත්මක වන්නේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ නායකත්වය යටතේය.

ජනරාල් ඉස්මායිල් ඛානී, සුලෙයිමානීගේ දෙවැනියා ලෙස දශකයකට වැඩි කාලයක් කටයුතු කර ඇත. සුලෙයිමානී සේම,  ජනරාල් ඉස්මායිල් ඛානී ද ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනීගේ පැසැසුමට ලක් වුණු අයෙකි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS