ඉරාන කාන්තාවක් වයිරසයෙන් මියයයි



නව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට සැක කෙරෙන කාන්තාවක මියයෑමේ පුවතක් ඉරානයෙන් වාර්තා විය.

මියගොස් ඇත්තේ 63 හැවිරිදි කාන්තාවකි. කාන්තාව කොරෝනා වයිරස ආසාදිතයකු බව පවසා ඇත්තේ ඉරානයේ ප්‍රධාන ජාතික පුවත්පතය. ‘ඉරාන්’ නමැති එම පුවත්පත පළ කළ වාර්තාව අසත්‍යයක් බවත් ඉරානයෙන් කොරෝනා වයිරස රෝගීන් කිසිවකුවත් තවම වාර්තා වී නැති බවත් ඉරාන රජය තරයේ පවසා ඇත.

එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

 

(අල් ජසීරා)


RECOMMEND POSTS