ඉරාන කතුන්ගේ දරුවන්ට පුරවැසිභාවය



විදේශිකයන් විවාහ වන ඉරාන කතුන්ගේ දරුවන්ට ඉරානයේ පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉරාන භාරකාර පාලක මණ්ඩලයයි. සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය පත් කරනු ලබන්නේ ඉරාන උත්තරීතර නායකයා විසිනි.

නව පනත් කෙටුම්පත ඉරාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ මීට මාස 4 කට පෙරය. අවශ්‍ය පරිදි සංශෝධන කිරීමෙන් පසු එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

නව පනත් කෙටුම්පත සම්මත වීම ප්‍රකාශයට පත් කළේ ඉරාන භාරකාර පාලක මණ්ඩල ප්‍රකාශක අබ්බාස් අලී කබ්කෝඩායි යැයි පැවැසෙයි.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS