ඉරාන කතුන්ගෙන් ට්‍රම්ප්ට විරෝධයක්



ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලය පිහිටා තිබුණු ගොඩනැගිල්ල ඉදිරිපිට ඉරාන කාන්තාවන්ගේ එකමුතුවෙන් ඊයේ දිනයේ (4 වැනිදා) විරෝධතා රැළියක් පැවැත්විණි.

මීට අවුරුදු 37 කට පෙර, 1979 වසරේ දී, ඉරාන විප්ලවය දා ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විරෝධතාකරුවෝ ඇමෙරිකා තානාපති කාර්යාලයට කඩා වැදුණේ නොවැම්බර් 4 වැනිදා දිනෙකය.

ඊයේ දිනයේ එම විරෝධතාව පැවැත්වූයේ ද වසර 37 කට පෙර සිදුවුණු එම සිදුවීම යළි සිහිපත් කරමිණි.

විරෝධතාවට සියයකට වැඩි පිරිසක් එක් වී සිටියහ. ජනපති ධුරයට පත් වුණු අවස්ථාවේ සිට ට්‍රම්ප් ඉරාන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය වපුරුවන්නේ ඉරානය යැයි ට්‍රම්ප් චෝදනා කරයි. එපමණක් නොව, ඉරානයට අලුතින් සම්බාධක පැනැවීමට ද ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS