ඉරාන ඇමෙරිකා හිරකරු හුවමාරුවක්



ඇමෙරිකාවත් ඉරානයත් අතර සිරකරැ හුවමාරැවක් සිදුවුණු බවත්, ඇමෙරිකා රජයේ අත්අඩංගුවේ සිටි ඇමෙරිකා ඉරාන පුරවැසිභාවය සහිත ​වෛද්‍යවරයකු වන මජිද් තහේරිට ඒ අනුව නිදහස හිමිවුණු බවත් ඉරානය කියයි.

නිදහස හිමිවුණු තහේරි යළි ඉරානයට ගෙන්වා ගැනීමට ඉරාන රජය කටයුතු කළේය. ඇමෙරිකාව ඉරානයට රාජ්‍යතන්ත්‍රික මට්ටමින් සහ ආර්ථික මට්ටමින් සම්බාධක පනවා ඇත. , ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමිණි. එවැනි සම්බාධක පනවා ඇති අවස්ථාවක මූල්‍ය ගනුදෙනු සිදු කළේ යැයි මජිද් තහේරි වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඊට වරදකරැ විය.

වෛද්‍ය මජිද් තහේරි, ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළ අයෙකි. ඔහු ඇමෙරිකා සම්බාධක නොකතා ඉරානයට වෛද්‍ය උපකරණ යැවීමක් ද කර ඇත.

වෛද්‍ය මජිද් තහේරිට නිදහස හිමිවූයේ ඉරානය එරට අත්අඩංගුවේ සිටි ඇමෙරිකන් නාවික හමුදා නිලධාරී මයිකල් වයිට් නිදහස් කිරීමෙන් පසුවය. වෛද්‍ය මජිද් තහේරිට අමතරව ඇමෙරිකාව එරට අත්අඩංගුවේ සිටි ඉරාන විද්‍යාඥ සයිරොස් අස්ගාරි ද නිදහස් කළේය.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS