ඉරාකයේ හරිත කලාපයට රොකට් ප්‍රහාරයක්



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ‘හරිත කලාපය’ ලෙස හැඳින්වෙන අධි ආරක්ෂක ප්‍රදේශයට ඊයේ (19) රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.

ඉරාක රජ්‍ය අමත්‍යාංශ සහ විදෙස් තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල පිහිටා ඇති අධි ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ‘හරිත කලාපය’ සැලකෙයි.

ඇමෙරිකන් තානාපති කාර්යාලය ද ඒ අතර ඇත. රොකට් ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි. ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති බව ඉරාක ආරක්ෂක අංශ කියා සිටී.

බැග්ඩෑඞ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS