ඉරාකයේ විරෝධතා දිගටම



ඉරාක රජයට සහ අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දිට එරෙහිව ඉරානය පුරා විරෝධතා පැවැත්වෙයි. විරෝධතා ආරම්භ වී මේ වනවිට දින 8 ක් ගත වී ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලෙසත්, ජනතා සහන සහ යටිතල පහසුකම් දියුණු කරන ලෙසත් බලකරමින් විරෝධතා පැවැත්වෙයි. විරෝධතාකරුවන් මර්දනයට අගමැතිවරයා පොලිසිය යොදවා  ඇත.

මේ අතර, ඉරාකයේ ත්‍රීරෝද රියදුරෝ ද විරෝධතාවට එක් වී සිටිති. ඔවුන් පොලිසියේ ප්‍රහාරවලින් තුවාල ලබන විරෝධතාකරුවන් කඩිනමින් රෝහල් ගත කිරිම නොමිලේ සිදු කරන බව අල් ජසීරා පුවත් නාළිකාව වාර්තා කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS