ඉරාකයේ මොසූල් නුවර කාර් බෝම්බ 2 ක් පිපිරේ



 

ඉරාකයේ මොසූල් නුවර මීට ස්වල්ප වේලාවකට පෙර කාර් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවුණැයි එරට ආරක්ෂක අංශ නිවේදනය කළේය.

එම බෝම්බ ප්‍රහාරවලින් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් ඔවුන්ගෙන් වැඩි දෙනා සිවිල් වැසියන් බවත් වාර්තා වේ. 

ඉරාක හමුදාව පැවැසුවේ එක් සොල්දාදුවකු ද මියගිය අය අතර සිටින බවය. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති අතර, ඉරාක ආරක්ෂක අංශ අනුමාන කර ඇත්තේ එය අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් විය හැකි බවය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS